Popular Posts

Saturday 17 February 2018

මොනවද මේ මුදල් ???

...
                                     මුදල්

  මොනවද මේ මුදල් කියන්නේ? මුදලේ විකාශනය කොහොමද? මුදලේ වර්තමාන තත්වය මොකද්ද? අද අපි ඒ ගැන බලමු.  Article එක හොදනම් යාලුවන්ටත් බලන්න share කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න. 

මුදල්

ගෙවීමක් වශයෙන් භාරගන්නා වස්තුවක් හෝ වාර්තාවකි.

     භාණ්ඩ හා සේවා මිලදී ගෑනීම සඳහා භාවිතා කරන ඹ්නෑම හුවමාරු මාධ්‍යයක් මුදල් වශයෙන් සැලකිය හැකිය.


මුදලේ පරිණාමය
     මෙය විවිධ අවස්ථාවන් කීයපයක් යටතේ දැක්විය හැකි ය.

සෘජු භාණ්ඩ හුවමාරුව

මෙම ක්‍රමය යටතේ තම නිෂ්පාදිත භාණ්ඩයේ අතිර්‍රක්තය වෙනත් අයෙකුට දි ඹහුගෙන් තමාට අවශ්‍ය දෙයක් ලබා ගන්නා ලදි. පටු අවශ්‍යතා ඇති ස්වයංපෝෂිත ග්‍රාමීය සමාජයන්හි මෙම භාණ්ඩ හුවමාරු ක්‍රමය පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකිවිය. නමුත් මිනිසුන්ගේ අවශ්‍යතා සංකීර්ණ වීමත් සමග මෙම භාණ්ඩ හුවමාරු ක්‍රමය අසාර්ථක විය.



භාණ්ඩ මුදල්

‍‍‍ඓතිහාසිකව බලන විට විවිධ ද්‍රව්‍ය රැසක්ම විවිධ අවස්ථාවන්හි හුවමාරු මාධ්‍ය ලෙස භාවිතා වී ඇත.
උදා: සිප්පිකටු, ලුණු, දුම්කොළ, තඹ, යකඩ, රත්රන්
රැගෙන යාම අපහසු වීම, ඉක්මනින් විනාශ වීම යනාදී දුෂ්කරතා පැවතීම හේතුවෙන් භාණ්ඩ මුදල් භාවිතයද අසාර්ථක විය.

කඩදාසි මුදල්

කඩදාසි ව්‍යවහාර මුදල් භාවිතය ප්‍රචලිත වී ඇත්තේ හුවමාරු මාධ්‍යයක් වශයෙන් ඵය ලබා දෙන පහසුව නිසාය. මුදල් නෝට්ටු පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි අතර, ඒකරාශී කර තබා ගැනිමද පහසුය.




බැංකු මුදල්

වාණිජ බැංකු පවත්වාගෙන යන ඉල්ලුම් තැන්පත් හෙවත් ජංගම ගිණුම්වල ශේෂ බැංකු මුදල් ලෙස හඳුන්වයි. ජංගම ගිණුම් වල ශේෂ ගනුදෙනු සඳහා භාවිතා කරන්නේ චෙක්පත් නිකුත් කිරීමෙනි. චෙක්පත් ව්‍යවහාර මුදල් ලෙසම ගනුදෙනු සඳහා භාවිතා කරයි. බැංකු මුදල් ව්‍යවහාර මුදල් මෙන්ම 100% ක්ම ද්‍රවශීලතාවයෙන් යුක්ත යැයි පිළිනොගනී.එහෙත් බැංකු මුදල් ආසන්න මුදල් වලට වඩා ද්‍රවශීලතාවයෙන් යුක්තය.
                                          (මූලාශ්රය : අන්තර්ජාලය ඇසුරිණි.)
    

  මුදල් පිළිබඳ තවත් කරුණු අඩංගු ලිපියක් සමඟ නැවත හමුවෙමු. යාලුවන්ටත් බලන්න share කරන්න. Comment කරන්න. දිගටම අපිත් එක්ක රැදී සිටිමට අපිව subscribe කරන්න. 

No comments:

Post a Comment